Thursday, June 12, 2014

සොබා දහමෙහි සුවිශේෂී පිහිටීම්



අනුබු - ජලය බහුල පෙදෙසයි
ගම්පැලැස්ස - ගමේ පාළුවූ පෙදෙස
ගම්මුදල - වෙල්යායක් මැද තිබෙන කුඩා ගම
ගොන්පාවිට – කමතේ වතුර බැසයන මාර්ගය
ගොංගෑවිල්ල – වැවේ දිය බීමට මී ගවයන් හා එළ ගවයන් බසින ස්ථානය.
දෙගැහැව - දිය පාරවල් දෙකක් එකට එකතුවන ස්ථානය.
දෙගම්බඩ – ගම්දෙක අතර
දෙදනිවනවා - ගොයමේ කොටසක් පැසී කොටසක් නොපැසී ඇති අවස්ථා.
දෙනි – කඳු දෙකක් අතර දිග් අතට පිහිටා ඇති කුඹුරුයාය. මේවා නිතරම තෙතමනයෙන් යුතුය.
දාරළුව - තදපොළොව
දිය කඳුරු - මහපොළොවෙන් දිය එන ස්ථානය
පහළ ගම්මැද්ද – ගමේ සීමාවෙන් ඈතින් ඇති ගෙවල් මණ්ඩිය (පෙදෙස)
පොක්කර වන්නිය – විශාල කැලයක් මැද පිහිටා තිබෙන ගමක්
බූටෑව - ගනකම් කටු කැලේ
බුබුළ - දිය උල්පත
භෝගිය – කැලය, මුකලාන
මංතලාව - සිව්පාවුන් කැලේ මැදින් යන මං මාවත්
මුවදොර – ගංගා මෝයකට
ලන්ද – ගස් අඩු තැනිතලාව
වගල – බෑවුම
විදුල – ගස් අතුවලින් සෙවන ලැබීම
වැලෑණ – වැල් පැටලුණ කැලේ
හදිරම – හරකුන් යන මඟ
හොලි මුකලාන - ඝන කැලෑව
ඉඳුදද - දේදුන්න

No comments:

Post a Comment