Thursday, June 12, 2014

සත්කෝරලේ ජනවහර

1. තොවිල් කිරීම=කොන් කිරිම
2. නිසිනින්ද =තනිකැමැත්ත
3. සමෝසුමේ=දුකසැප බෙදාගැනීම
4. අගහරැව=අගෞරවය
5. හරිකෙලාව=ඊර්ෂ්‍යාව
6. පාච්චලේ=හැල්ලුවට ලක්කිරිම
7. ඕසිරිප්පු=ප්‍රසිද්ධ
8. තොලොංචිකිරිම=මැරීම
9. මහපදේකියා බැණිම=පිරිමියාට මවත් ,පියාත් සිහිකර බැණිම
10. වෙට්ටලු ගැහීම=සාගින්න
11. කුමතේරැව=අලාභානි තක්සේරු කිරිම
12. කටුව=ඉඩම
13. ඊස්මීස් නැතිව=මොහොතක් ව්වෙක නැතිව
14. බිං ඇඳිරිය=බිමට අඳුර වැටෙන වේලාව
15. දුක්හානියාපත=විපතට පත්වීම
16. කනපින්දම් ගැහීම=නැතිබැරිකම කියා උදව් ඉල්ලීම
17. පට්ටල් කි=රිම=මිතුරු කිරිම/යහළු කිරිම
18. ගොනාට ඇඳිම=මත්පැන් පානය
19. ආරුකිරීම=පොරොන්දු වෙනස් කිරීම
20. අකුලා ගැනීම=කරපු වැඩකින් ඉවත්වීම
21. ඒරුවීම/මුලිච්චිවීම=හමුවීම
22. සෝලි=දෝෂාරෝපණය
23. ඔජවැඩීම=ආඩම්බරවීම
24. තෙදපානම=බලයපෙන්වීම
25. කඩන්දු කිරීම=පොරොන්දු කැඩීම
26. උඩුකුරුඤ්ඤංවීම=දැඩිලෙස පුදුම වීම
27. සංහිද=දෙවියන් පුදන තැන
28. අරහත්තේ=දෙවියන්ගේ විමන
29. කෙම්මුර කිරීම=දේවාලය ඉදිරිපිට බෙරවාදනය කිරීම
30. තේවා කිරිම= පුදසත්කාර කිරීම
31. අවත්තේ=මලවුන් වෙනුවෙන් දන්දීම
32. ගම්කොටුව=ගෙවල් පිහිටි පෙදෙස
33. කොට්ටපිල=ගෙහිමියා නිදන තැන
34. කෝණගෙඩිය=අවුරුද්ද
35. අතල=කුඩා කළගෙඩි
36. සාරසුබාවට=පිළිවෙල
37. වල් ඇල්ලීම=හෙන්කෙටී‍ම අරම්භ කිරීම
38. සුමේ=කෙලවරක් නැති වැඩ
39. සද්දකාරයා=බෙරවාදනය කරන්නා
40. සුද්දකාරයා/හේනයා=රෙදි සෝදන්නා
41. එතනහාමි=ගෞරවනිය කාන්තාවන්
42. නිලමේ=කුලවත් පිරිමියා
43. ගෙඩියා‍=පහත් මිනිසා
44. කිඩහැල්ල=ගැහැණු ළමයා
45. කුඩහලුවා=පිරිමි ළමයා
46. මාමජ්ජා=මාමා

No comments:

Post a Comment