Friday, August 15, 2014

සොබාදහමේ සුවිශේෂී අංග

සොබාදහමේ සුවිශේෂී අංග

ඉදල් ඔරු - මී වදයේ පැණි පිරුණු සිදුරු
අකරංගහ - ළපටි ගහ
අකරහ – නිසරු බිම
අග්ගහ කැලය – මහා වනාන්තරය, මූකලාන, අංකතර
අතුහේන – අතුවලින් සෙවණ වූ අඩිපාර
අහමල් - තාරකා (අහසේ ඇති මල්)
උගන්දිරම – ගංවතුර
උයන්ගෙඩිය - පොල්ගෙඩිය
කරටිල්ල – ගහක මුදුන
උල්පොඟ - උල්පත
කිතයියා - හඳ
තුංකුමප්පු - කොකුම් මල්
ගංදෑල – ගඟක දෙපැත්ත
ගංකොළය - කොළපත
ගඟුල – වතුර
ගඟුලැල්ල – දියඇල්ල
ගල් අරණ – ගල්ගුහාව, ගල්ගේ
ගල්කෙම – ගලන වතුර එකතුවෙන තැනක සැදී ඇති ස්වභාවික පොකුණ
ගිරිරාච්ච – ගින්දර
ඩිංගිය – කුඩා කඳුගැටය
මංකඩ – කුඩාපාර
බොල් පිණි – උදෑසන අහසින් වැටෙන පිනි
බෝගා - කමතේදී සුළඟ හඳුන්වන පදය
බිම්හිරි – අහස
බණ්ඩාර හඳ – කිරිබැබළෙන හඳ – පුරහඳ
පොහොන – මුඩුබිම
පොහොඟලාව - තණනිල්ල
පාඟුල – පහත් ප්‍රදේශය
වලාතුව - අහසේ දිස්වන වලාකුළු ප්‍රමාණය
වලාලය - සන්සුන් මුහුද
වාඩේතරුව - සිකුරු තරුව
වැහිගම්පල මුත්තා - වැසිදෙවියයෝ
කෝඩිමල – පළමුවරට පිපෙන මල
දියකඩමන්දිය – රළේ වේගය වැඩිතැන
දියකලත - වෙරළ
දෙබරාව - පහත් බිම
තුම්මුක්කුව - තුන් පැත්තකින් කැලයෙන් වටවූ හිස් බිම
කලිය – ඔයක හෝ ගඟක ගැඹුරු තැන
අරම – කැලෑව
කුරු කනත්ත – නිසරු බිම
කේලිය – විහිළුව