Wednesday, June 18, 2014

ගැටුම හඟවන පද


අංකර අල්ලනවා - දබර කරගන්නව - කෝලහල කරනවා (අංගම් පොර ක්‍රීඩාව ආශි‍්‍රත ව බිඳුණ වදනකි)

අංකර මාලික්කම් - අඩදබරය, සණ්ඩු සරුවල් කිරීම


අංගන විනය - මතභේදය, ආරවුල


අංගම - කෙනෙකුට විපතක් කිරීමට සිතා මතුරන මන්තරය (දිගාමඩුලු ප්‍රදේශයේ භාවිත වෙයි. ගම්මිරිස් ඇට ගෙන මතුරා අහසට පිඹීමෙන් සතුරා විනාශ වේ ය විශ්වාස කරයි)


අංගම් කොටනවා - දෙදෙනකු අතර සිදුවන ද්වන්ද සටන


අංචි අදිනවා - උගුල් අටවනවා


අකාමකා දමනවා - විනාශකර දමනවා, නැතිකර දමනවා මෙන්ම අමතක කර දමනවා යන අරුත ද ගෙනෙයි.


අඟරනවා - ගැටුමකට සැරසෙනවා


අටකෙවනවා - පොරයකට තැත් කරනවා, දබරයකට සැර සෙනවා


අටත - සතුරන් යටත් කරගැනීමට යොදාගන්නා උගුල


අතෝර අල්ලනවා - හොඳ හැටි තලනවා කෙනෙකුට තදින් පහර දෙනවා


අනිගැනීම - කෝපයෙන් කතා කිරීම


අනවින - කෙනෙකුට විපතක් කිරීමට යොදන උපක්‍රමය


අදිරි කරනවා - ආරවුල් කරනවා, රණ්ඩු කරනවා


අන්දරකෙත්ත - රණ්ඩු කෙරෙන යන අරුතින් යෙදේ, නිතර ගැටුම් ඇති කරන තැනැත්තිය


අන්නා කොටවනවා - දබර කරවනවා

No comments:

Post a Comment