Thursday, June 12, 2014

පානම ජනවහර

1. ඒලයියා=හිරු
2.තෙයියා=කුරුල්ලා
3 කුට්ටාලි=යහළුවා
4. හරන්කුට්ටියා=අවජාතකයා
5. හූන්දෑම=සුසුම්ලෑම
6.විපිරියාස=වැඩකට නතිදේ
7.විසපතලයා=මෝඩයා
8.හිංගලයා=මෝඩ ගැමියා
9.සංගදෝරුව=පලහිලව්ව
10.තිහරන් දැමීම=හාමත්විම
11.ඌසල්=සුන් සහල්
12.පංජම=සාගතය
13.තාංගුනොදීම=ඔරොත්තු නොදීම
14.උහන්දිරම=ගංවතුර
15.පැටුකුන්ජන්=දරුදැරියන්
16.පිංමාරි=යලකන්නය
17.මුම්මාරි=මහ කන්නය
18. සිහිපරාද=අමතක වීම
19.කඩගැනීම=අතරමංවිම
20.අඩයාලම=සලකුණ
21.පංචිඇදීම=උගුල් ඇටවීම
22.පුඩුක්කුවා=කපටියා/කෛරාටිකයා
23.විලපම=පණිවිඩය
24.එකට දෙකට යාම=මුත්‍රාකිරීමට යාම
25. අංකොළමිටියා=වළහා
26.වජ්‍රායුධය=වෙඩිඋණ්ඩය
27.මරෙක්වීම=මඟහැරීම
28.කිලාක් කොල්ලා=ලිපිකරුවා
29.ගොඩහැරේ=කැලැබද නොදියුණු ගම්
30 දොබ්බ=විශාල
31. හාටෙන් ගෑම=ඉබාගාතේ යාම
32.මරද=දිවුල්
33. කුරැයියන්=මාලු
34. මාලිපිං=ව්‍යජන
35. අක්කුතික්කුවිම=තෘෂ්ණිම්භුත විම
36.ඔප්පාරේ=විලාපය
37. කුරමේ=ක්‍රමය
38. පුරිච්චි=සතුට
39 තෙරික්කාට්ටු=‍‍ෙවෙහසීම
40.හොමරිකම=කම්මැලිකම

No comments:

Post a Comment