Monday, June 16, 2014

වාපී සංස්කෘතිය


වැව් දියවර - වැවෙන් කුඹුරු පෝෂණය කරන දිය කඳ

කඩාඩු - වැව් බැම්මේ කැඩී ගිය ස්ථානය

කඩවල - වෑකන්ද බිඳුණු ස්ථානයේ ඇති හිඩැස

කඩකපා වතුර ගැනීම - වැව් දිය සිඳී ගිය පසු වෑකන්ද කපා දිය ලබා ගැනීම.

ගිල්ම - වැවක ජලයෙන් යටවන බිම් ප්‍රදේශය

තාවුල - වැවෙන් පිටත ඇති බිම් ප්‍රමාණය තාවල්ල නමින් ද මෙය හඳුන්වයි. බොහෝ විට මෙය ජල පෝෂක ප්‍රදේශයකි.

නිවුන් වැව් - ආසන්නයේ ඇති වැව් එක් වැවක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අනෙක භාවිතයට ගනී. නිතරම එක් වැවක් අතිරේකව පවතී.

යෝධ වැව් - ගම් වැව්වලට ජලය සැපයු සුවිශාල වැව්. මහ වැව් ලෙස ද හඳුන්වයි.

ගම් වැව් - ගමකට ඇති වැව, බොහෝ ගම් හඳුන්වා ඇත්තේ ගමේ ඇති වැවෙහි නමිනි. උදා - මීගස් වැව.

ලන්දෙ වැව් - කැලෑ සතුන් ගම් වැදීම වැළැක්වීමට කැලෑ ආසන්නයේ තැනු වැව් වියළි කාලයේ සතුන් දිය බීවේ මේ වැව්වලිනි.

වලාකුළු වැව් - කඳු මත තැනු වැව්. මේවාගේ ජලය වසර පුරාම උතුරා යයි. කන්ද පාමුල අය ජලය ලබාගන්නේ ඒ ජල කාන්දු වීමෙන් ඇතිවන උල්පත වලිනි.

කුළු වැව් - විශාල වැව් ආසන්නයේ ඇති මේ වැව් මුලින්ම පිරී ඒවායේ ජලය විශාල වැව් වලට සැපයෙයි. එවිට රොන් මඩ ආදිය තැන්පත් වන්නේ මේ කුළු වැව්වලය. ඒවා ප්‍රතිසංස්කරණය කිරීම යෝද වැවක් ප්‍රතිසංස්කරණය කිරීමට වඩා පහසුය.

මඩ සොරොව්ව - වැවේ ඇති රොන්මඩ එළියට ගැනීමට සාදා ඇති සොරොව්ව. මේ සොරොව් කැට ඉවත්කර පහසුවෙන් රොන්මඩ ඉවත් කරගත හැකිය.

No comments:

Post a Comment