Thursday, June 12, 2014

වෘත්තීය ව්‍යවහාරය
ධිවර බස
1. හඳට යනවා=රාත්‍රී මුහුදු යෑම
2. මයක්කම=දැල් එළීම
3. පන්න කරනවා=මසුන් මැරීම
4. රස්සාවට යනවා=මුහුදු යෑම
5. මුහුදු කඩවර=මුහුදට අරක්ගත් දෙවියන්
6. කොවුලා=මසුන් මරන්නා
7. හැන්නැදිරාල=ඔරැව අයිතිකාරු
8. මණ්ණඩිරාල=මා දැල් අයිතිකරු
9. කෝඩියා=නවකයා
10. ලෙල්ලම=මසුන් විකුණන ස්ථානය
11. ගොඩකරය=ගොඩබිම
12. වඩදිය=මුහුදු ජලය ඉහළ යෑම
13. රුවල් තරුව=තරු හතක පොකුර
14. බඩසුද්දා=මෝරා
15. ඇවුළුම් බිලිය=බිලී කටුව

ගැමි වහර

1. අකම්පාල=කම්පා වෙනවා
2. අටං පහුර=අපිළිවෙළ
3. අප්පල්ල=වළඳ
4. අලකලංචි=කරදරය/කලබලය
5. උඩගෙඩි දෙනවා=රවට්ටනවා
6. ඕසෙට=ඕනෑ තරම්
7. කිරිපල්ල=යටිබඩ
8. කුසිල=දුගඳ
9. ගංතුලාන=එක ගමක සීමාව
10. තාන්තුව=හුදෙකලාව
11. නෝංජල්=නිවට
12. සෝලිය=කලහය
13. හාච්චිය=හාදුව
14. දා ගල=අත්ගල
15. සන්තෑසිය=විපත

ශාන්තිකර්ම බස් වහර

1. විලක්කුව=පන්දම
2. අගස් පිදිම=හේන් කුඹුරු
ගොවිතැනින් ලැබෙන ප්‍රථම අස්වැන්න කොටස දෙවියන්ට උදෙසා වෙන්කිරීම
3. ආතුරයා=ගිලන් වී සිටින පුද්ගලයා
4. දේව දානය=දෙවියන් උදෙසා කරන දානය
5. රට යකුම=කුමාර දෙවිවරුන් සත් දෙනා වෙනුවෙන් කරන ශාන්ති කර්මය
රොඩි ජනවහර
1. අංගයා=මිනිසා
2. තෙරි අංගයා=වැදගත් මිනිසා
3. බිම්හිරි=අහස
4. හාපදුමාන=හිරගෙය
5. පතලියෝ=කුකුල්ලු
6. දිග්ගුව=ගෙදර

වැදි ජනවහර

1. නාස් පොජ්ජ=නාසය
2. මවන ලැත්තො=මස්සිනා
3. තොපං=ඔබ
4. ගිනිරාව්වා=ගින්දර
5. ඒ ඇත්තෝ=එයා
6. මා දිය ගං ඇල්ල=මුහුද
කමත් බස
1. කොටන්නාව=උදැල්ල
2. කොළේ=ගොයම් ගොඩ
3. මුත්තෙට්ටුව=ආහාර
4. පුබ්බරු=බත්
5. යතුර=කුල්ල
6. ඉස්සර කරනවා=කනවා
7. ගොම් පස්=ගොම



No comments:

Post a Comment