Thursday, June 12, 2014

නුවර කලාවියේ ජනවහර

1. කනත්ත=අතහැරතිබී නැවත හෙළිකළ හේන
2. නවදැලිහේන=කැළෑව එළීකර පුළුස්සා සැකසු හේන
3. හොලිමුකලාන=අලි/කොටි/වලසුන් ඇති කැළෑව
4. මුල්කැටාහේන=බිම සැකසු හේන
5. මාසිමායිම්=ස්ත්‍රී මායම්
6. කෙකින්පත් ගැහිම=තොරතුරැ දැනගැනීම
7. නෙයියාඩම=නොමනා හැසිරීම
8. දාගලේ=සරාගික බව
9. නිංගිරාව=අපහාසය
10. වැලවරිගය=නෑදැ පරපුර
11. අම්මා=මව
12. අප්පා=පියා
13. බක්කා=ලොකු අම්මා
14. පුන්නි=පුංචි අම්මා
15. වාහේ=ස්වාමිපුරුෂයා
16. අඩවි/මායියා=බිරිඳ
17. කෙලිත්තිය/කෙලිසප්පි=කෙල්ල
18. දෝණි/දෝණිඩිංග=කුඩා දැරිය
19. ඇඹිටිල්ලා/කිරිසප්පයා=කිරිදරුවා
20. බෝලංගිරියා=හිතුවක්කාරයා
21. මදාවියා=ආයුෂ අඩු තැනැත්තා
22. නොසංඩාලයා=නොහික්මුණු තැනැත්තා
23. අවලම් පුතා/වම්බිගෙ පුතා=අවජාතකයා
24. මහපෝය=පසළොස්වක
25. ගොම්මන=හෙවණ
26. ගොන්කවඩියා=මයිනා
27. වැහිහේදිලි=වැහිපොද
28. පිලහොඳවීම=දැරියක වැඩිවියට පත්වීම
29. පිල් ගැහිම=අඹුසැමියන් පිලේ එකට සි‍ටීම
30. සාරසුබාවට=සිහිකල්පනාව
31. ගාල්වීම/පැල්ගැනීම=පවුලක් ලෙස එකට ජිවත්වීම
32. නම්වනම්=පෙළපත් නාමය
33. කිරිකඩසේලය=රියන්දහයකින් යුතු රෙද්ද
34. කැතිකඳ=කැති මුවහත් තැබීමට ගන්නාලීය
35. උඩු කිරීම=හේන් ගිනි තැබිම
36. දියදොස්=පැණි කොමඩු
37. අලියට වේලාව=බිමට අඳුර වැටෙන වේලාව
38. එල්ලංගාව=බෑවුම
39. ඇටාදැටියා වීම=යමක් වර්ධනය වීම
40. මහ එකා=වල් අලියා
41. ගුහාලය=පැල් මැස්ස
42. පූසා කෑම=සතුන් දඩයම් කර කෑම
43. මහඋළුගෙදර=සිරගෙදර
44. හේලංකඩ=ගෙවල් වල අගුව
45. හොබර=කුණු

2 comments:

  1. ස්තුතියි බෙදාහදා ගත්තාට..

    ReplyDelete
  2. ස්තුතියි බෙදාහදා ගත්තාට..

    ReplyDelete