Thursday, June 12, 2014

සබරගමුව ජනවහර
1. වලව්ව=රදලයගේ නිවස
2. කුමාරිහාමි=රදල කාන්තාව
3. ගල බැලු අය=මැණික්ගල මිලදිගත් අය
4. ගල දීම=ඉහළම මිලකී අයට මැණික විකණීම
5. රාජකාරිය=ඉඩම් භුක්තිය වෙනුවෙන් රදලයාට නොමිලයේ කරන සේවාව
6. හන්දුරුවෝ=රදලයා
7. අතාවුදයා/පහෙක්කාරයා=ඉඩම් බලා ගැනිමට පත් කළ නියෝජිතයා
8. මඩුපැල්ඇටවීම=කුඩා නිවාස තැනීම
9. මඩම =විශ්‍රාම ශාලාව
10. ගගුලබෑම=වැස්ස
11. සැහැල්ලුව=වන්දනාකරුවන්ගේ බඩුමුට්ටුදැමු මල්ල
12. දඬුකෝඩු=පළමුවරට වන්දනාවෙ යන අය
13. කිරිකෝඩු=පළමුවරට වන්දනාවෙ යන ළමයි
14. කෝඩුකාරයා=පළමුවරට ශ්‍රී පාද වන්දනාවෙ යන අය
15. කරැණා කිරීම=ශ්‍රී පාද වන්දනාවෙ යාම
16. හිමේ නැගීම=ශ්‍රී පාදයේ යාම
17. නඩේගුරා=ශ්‍රී පාදය වන්දනාවේ යන කණ්ඩායමේ ප්‍රධානියා
18. නඩය=වන්දනාවේයන කණ්ඩායම
19. පනිකකියන්=අලි අල්ලන අය
20. ගල්ලද්දන්=අලි ඇතුන් රැකබලා ගන්නන්
21. පන්නයා=අලි ඇතුන්ට කෑම සපයන අය
22. පතල=මැණික් ගැරීමට හාරන වල
23. හරිහවුල්කරුවන්=පතලේ වියදම දරණ අය
24. ඉල්ලම=පස්ඉවත්කළපසු හමුවන ගල්කැට සහිත තට්ටුව
25. පතල්වාඩිය=පතලේ වැඩකරන අය නවාතැන් ගන්න තැන
26. දෝනාව=පතලේ පතුලේ සිට ඉල්ලම ඇති දෙසටහාරන මාර්ගය
27. කට්ටකුඩය=ගැරිමට ගන්නා කූඩය
28. නාඹුව=ගැරිමෙන් පසු පතලේ ඉතිරිවන කොටස
29. සන්නම්=නොවටිනා මැණික් වර්ග

No comments:

Post a Comment