Thursday, June 12, 2014

රුහුණු ජනවහර


1. මාරියාව=වැස්ස
2. මල්ඉහිරෙන වැස්ස=සිරිපොද වැස්ස
3. මදව්දානවා=වාන්දමනවා
4. මදව්ව=පිටවාන
5. හින්නා/හින්නී=කුඩා
6. ගොවිපළ=කුඹුර
7. ආනම=රසවත් හොද්ද
8. හිඟන්නා=දඩයක්කාරයා
9. උසරා/ගජරා/බොටකඳා=වල්අලියා
10. පොට්ටනියා/මහරෑන්කාරයා=කොටියා
11. සුබරයා=මුවා
12. වරපොටයා=තලගොයා
13. ආප්පයා=හාවා
14. ගුගුරන්නාව=තුවක්කුව
15. කපන්නාව=පිහිය
16. කොටන්නාව=පොරය
17. රත්තා=ගින්දර
18. දිරච්චා=දර
19. පුබ්බරු=බත
20. කහවතුර=හොද්ද
21. ගඟුල=වතුර
22. පැඟිරියා=බුලත්විඩ
23. පඩිය=මී වදය
24. කටුබොර=දිවුල්
25. මිරිජ්ජ=මිරිදිය
26. කරිජ්ජ=නොපැසුණු රා
27. සුලිජ්ජ/හුලිජ්ජ=සුළුදිය
28. අහිනවා/නෙළනවා=උදළු ගානවා
29. ඉඩිතිතුවීම=කලබලවීම
30. සුමක්කරේ=කෙළවරක් නැතිව වැඩකිරීම
31. අතුකැටිය=ඉදල
32. මුස්න=කොස්ස
33. කරකසුරී=දක්ෂ
34. කටුව=කුර
35. පෙඳ=පිහාටු
36. මොදරා=මොනරා
37. මරඳයා=/අමදකුළුපාර=කලබලය
38. දෝස්මුරේ/අරියාදුව=තර්ජනය
39. අරෝව=රණ්ඩුව
40. කලහම්මාව=කැලඹිම
41. අබියෝගකාරයා=සිහිවිකල්වු අය
42. දොඩවනවා=දොස්කියනවා
43. හොඳකිරීම=සුද්ද කිරීම
44. ඔයනවා=ලෙලි ගහනවා
45. දෑවා=දැම්මා
46. තටාමාට්ටු කිරීම=දඩුවම් කිරීම/අවවාද කිරීම
47. රොඩුලෑම=හොරැහින් බැලීම
48. බුලත්ආදරය=සංගහ්‍ර කිරීම
49. කේලම්කාරයා=කපුවා
50. රහත්වෙලා=අතුරුදහන්වෙලා

No comments:

Post a Comment