Thursday, June 12, 2014

සතර කෝරලේ ජනවහර
1. කෙංචිවීම = කෙට්ටුවීම
2. ඉලව්ගෙදර = මළගෙදර
3. සංකමූඩිය=සේසත
4. සෝලිය=කරදරය
5. හැටගැරූනි=වැදගම්මකට නැති කතා
6. පලිසෝලී=දොස්තැබීම
7. උරුට්ටුවීම=සූදානම්වීම
8. හව් හිලිවීම=වැඩ අවුල්වීම
9. මුළුවාසක්=මුළු පළාතක්
10. අල්ලපනල්ලේ=අතරතුරේ
11. පයිරුපාසානම=ඇයිහොඳයිය
12. තාන්තුවාව=මංගල්‍යය
13. කොටහළුවීම=දැරියක වැඩිවියට පත්වීම
14. කොක්කනිය= බුලත් මල්ල
15. ගම්කාරයා = ඉඩම් හිමිය
16. යක්කු ගස් නගින වේලාව= මද්දහන් වෙලාව
17. අන්ධබීරි=රාත්‍රීයේ අඳුර
18. මන්ඩාරම=වැහි වළාකුළු
19. මහ දඹ වැස්ස=අනෝරා වැස්ස
20. ජහරවීම=මඩවී ජරාවීම
21. සිරිප්පානිය=හිරිකිත
22. හාචිය=හාදුව
23. හාචිකොටේ=කුඩා දරුවන්
24. කිරිකොටේ=කුඩා දරුවන්
25. පංචා, පැංචි=තරුණ තරුණියන්
26. බත් ලබ්බ/ බුම්බඩයා=කෑමට විතරක් අලස නැති
27. මේ සම්මජ්ජාති=මේ ආත්මයේ
28. අජල් නැති එකා=වැඩට සූර ගැමියා
29. මොරොන්ගාති=දඩබ්බරයා/ හිතුවක්කාරයා
30. හද්දික්කරාවේයාම=නන්නත්තාරෙ යාම
31. අභිමානවල=අහුමුළුවල
32. කඩවනච්චි=වනචර ගෑනු
33. කඩප්පුලියා=අයහපත් පැවතුම් ඇත්තා
34. විජ්ජුම්බර=විලාසිතා
35. පිල්ලෝඩි=බොරු විකාර
36. විසකුඩිච්චි=නපුරු ගෑණි/ විසාකාර ගෑණි
37. සක්කර වට්ටම= අඟර දඟරකාරි
38. හෙයියාවන්=මනමාලකම්
39. වැල්ගෝමුල්ල=ලැහැබ
40. ගම් බැදීම=ගම්මානයක් පිහිටුවීම
41. පැල් ඇටවීම=ගෙවල් තැනීම
42. පැලපදියන්වීම=පදිංචිවීම
43. අහේමය=සාගතය
44. වනපලා=පලා වර්ග
45. ඕසෙ ඇදීම=අඬහැරපෑම
46. ගොයම් හැදීම=පැල සිටුවීම
47. කරල් ගැනීම=නැකතට ගොයම් කැපීම

No comments:

Post a Comment