Thursday, June 12, 2014

දිගාමඩුලු ජනවහර
1. අප්පා/අප්පෝච්චි = පියා
2. මෝ/මෝචි =මව
3. කිරි අම්මා =මවගේ මව
4. ආතා =පියාගේ මව
5. කිරිඅප්පා =මවගේ පියා
6. මුත්තා =පියාගේ පියා
7. කුඩප්පා =බාප්පා(කුඩප්පච්චි)
8. හීන් අම්මා = කුඩම්මා
9. බොටා =භාර්යාවවිසින්සැමියා අමතනආකාරය
10. හුරා/අප්පු =මස්සිනා
11. එතනා =නෑනා
12. උරේ එතනා =ඇවැස්ස නෑනා
13. මාමණ්ඩි = මාමා
14. හොටියම්මා/හොටියැත්දා=මහළු ගැහැණු අය
15. පැංචා /පැංචි =ළමයින්
16. කෙලා =කෙල්ලන්
17. කියත් =කියනවද
18. බලත් =බලනවද
19. ලියත් =ලියනවද
20. පිල්බරා =මොනරා
21. සකියා = මිතුර
22. කුඩී =බිරිය
23. සලක්කාරන් අරිනවා =සංග්‍රහකිරීම
24. එයියැන්තුන්නෙහේ =දිසාපති
25. පෝඩියාරේ =පොහොසතා
26. පරිෂාරී/යකුන්නෙහේ =යකදුරා
27. දූපුතා =දුවගේ ස්වාමිපුරුෂයා
28. පුතාදු =පුතාගේබිරිය
29. තරපාරු =මහතකෙනා
30. සෝමාරියා =කම්මැලියා
31. කෑකයා =කෑදර මිනිහා
32. මග =මගේ
33. කෑට කී ගානවා =බල්ලා බුරනවා
34. රොඹලෙ =සතෙකුගේ තොම්බ
35. ටොම්බ =වලිගය
36. තඹරැණියා =සැළලිහිණියා
37. මල්බැත්නා =සමනලයා
38. වප්පියා/සකලයා =කුරුල්ලා
39. පරියා =වලහා
40. ගවර =‍ගානා
41. පුළුන්හැරයා =වඳුරා
42. හික්කා =සිකනැලා
43. පුඩැල්ලා =කූඩැල්ලා
44. රැකුල =වනාන්තරය
45. මුකලාන හිමේ=මහ වනය
46. තැටිගොම්මන්=බැදිකුට්ටිය
47. මුම්මාරිය=අහස් දියෙන් වැඩකරන කුඹුරු
48. කැටාව පෑදීම=මායිම් සෑදීම
49. බෝල්ලු/අම්බරුවෝ =මීහරක්
50. අල්ලස්=පඬුරු

No comments:

Post a Comment