Thursday, June 12, 2014

බස්නාහිර ජනවහර

1. අවලෙ ඇදිම=අඟුලෙ හබල්ගෑම
2. නැතිවීම=මියයාම
3. ටැන්ටු කරත්තය‍=බක්කි කරත්තය
4. හේලංකඩ=ඔසරිපොට
5. හේලය=ඔසරිය
6. කොටහලුවීම/ගෙටවීම=දැරියක වැඩිවියට පත්විම
7. මාරියාව=රළ නැගීම
8. ගඟුල=වැස්ස
9. අන්දබුතෙ/අන්දබීතෙ=වැහි අඳුර
10. මාලක්කම=තාල අල්ලා නැටීම/සුරල් අල්ලා නැටීම
11. කුණ්ඩාව=කරදරය
12. උඩන්දිරම=සිද්ධිය/පළහිලව්ව/වගතුග
13. මහාලවදය=මහාඝෝෂාව
14. අංපටලා ගැනීම=රණ්ඩුසරුවල් ඇතිකර ගැනීම
15. මොරෝමකම්=දඩබ්බරකම්
16. හන්තින්නෑවේ=පුදුමය දැනවීම/විස්මය දැනවීම
17. හක්කොලන් ගැහීම=ගමපුරා ඇවිදීම
18. සබ්බුව=බැටන් පොල්ල
19. ටයියම බැලීම=ලතවීම/ප්‍රමාදය
20. පෝක්කඩේ=සියල්ල
21. ගොපිල්ල=ගොබය
22. කරටිල්ල=ගසක මුදුන
23. තරුගැට=මලෙන් මෝදු වෙලා එන ගෙඩි
24. මඩක්කුව=කොරහා/මඩිස්සලේ
25. පුලුබ්බෝදන=ආස්මී
26. සරක්කු=තුනපහ
27. පෙරන්ගෑම=සුද්ද කිරීම
28. හත්මාළුව=වර්ග හතක් එක්කර පිසින ව්‍යංජනය
29. අගහස්බත=ගොයම් පැගුපසු දෙන බත
30. සීරුකිරීම=වී මැනීම
31. කන්දෙපාහිනවා=සුද්ද කිරීම
32. රාහි කිරීම=වී ගොඩගැසීම
33. බැත=වී
34. පන්දලම=බුලත් වැලට හදන මැස්ස
35. ඉස්බුලත්=හොඳ බුලත්
36. ඇස් කොළ=සරුසාර බුලත් කොළ
37. වනාත පායනවා=ඇලමාර්ග සුද්ද කිරීම
38. වාන බැඳිම=අමුණ බැඳිම
39. හැල් කුඹුරු=එරෙන කුඹුරු
40. බාන=හරක් දෙන්නා
41. පුරවැඩීම=නැකතට වැපිරීම
42. බොකුගෑම=කුල්ලෙන් ගොයම් පිසදැමීම
43. ගොන්න=බුලත් විස්ස
44. කොළ මැඩීම=ගොයම් මැඩීම
45. කරල් ඇල්ලීම=නැකතට ගොයම් කැපීම
46. ගොයම් වැඩීම=කමතට ගොයම් දැමීම
47. වට කැඩීම=පැගී කමතේ පහලට වැටෙන ගොයම් ඉහළට දැමීම
48. අලකඳු/බතලකඳු=බතල පාත්ති
49. කොවුල්=බුලත් වැලට හිටවන කෝටු
50. රා රේන්දය=රා මැදීම/රා මැදීමේ අවසරය

No comments:

Post a Comment