Tuesday, June 17, 2014

ස්වභාවික පිහිටීම්



තැලැල්ල - මුහුදේ හෝ ගඟේ වැලි තලා පෑදී ඇති පෙදෙස
තැවිනි සේනාව - මීමැසි පොදිය
නාව - ඇළ, දියපාර
නිරුස්ස - කුඹුර
පඳුරු ගැසිල්ල - පඳුරු වැවී ඇති තැන, කැලෑ රොද
පැහිපෙති ගෙඩිය - පොළොස් ගෙඩිය
පිටඔරේ මල - කිතුල් මල
පිටිතල - ගැඹුරු මුහුද
පිටබිඳෙනවා - ඇලෙන් වතුර උතුරනවා
පිටිපැලැස්ස - කැලෑවක මැද පිහිටි පිට්ටනිය , ගස්වැල් නැති මුඩු බිම
පිටවරේ - කිතුලක දෙවැනි වරට පිපෙන මල
පිටහොරේ - කිතුලක පළමුවෙන් පීදෙන මල, කිතුලේ මුල්මල, නොයිඳුල් මල
පිටවහ - කොස්ගෙඩියේ පිට පොත්ත
පිනාව - පිනට කර ඇති වැව
පිළිමල - කිතුලක හතරවෙනි වතාවට පිපෙන මල
පුලුක් කොළ - පොල් කොළ
පේරිය - ගල්කන්ද, පර්වතය
බටගැට - දිය සීරාව ඇති ස්ථානවල වැවෙන තෘණ විශේෂයක්
බබා කොළය - පුවක් මලේ පිට ඇති සුදු පාට කොළය
බෑන මල - කිතුලේ හැදෙන දෙවැනි මල
බිලිඳු බිම්බටුපුලාන - කුරුම්බා
බෙරුගල් මුහුද - මුහුදේ ගල් තලා ඇති ප්‍රදේශය
බොඩා ගහ - නුග ගහ
මංදණ්ඩ - වන සතුන් ගමන් කරන කැලෑ පාර
මතිලගේ - ගස, විශාල ගස
මදවි දමනවා - වැව වාන් දමනවා. වැව උතුරා යනවා
මන්දායම - වනාන්තරයේ අලි ඇතුන් ගමන් කරන මාර්ගය

No comments:

Post a Comment