Friday, August 15, 2014

සොබාදහමේ සුවිශේෂී අංග

සොබාදහමේ සුවිශේෂී අංග

ඉදල් ඔරු - මී වදයේ පැණි පිරුණු සිදුරු
අකරංගහ - ළපටි ගහ
අකරහ – නිසරු බිම
අග්ගහ කැලය – මහා වනාන්තරය, මූකලාන, අංකතර
අතුහේන – අතුවලින් සෙවණ වූ අඩිපාර
අහමල් - තාරකා (අහසේ ඇති මල්)
උගන්දිරම – ගංවතුර
උයන්ගෙඩිය - පොල්ගෙඩිය
කරටිල්ල – ගහක මුදුන
උල්පොඟ - උල්පත
කිතයියා - හඳ
තුංකුමප්පු - කොකුම් මල්
ගංදෑල – ගඟක දෙපැත්ත
ගංකොළය - කොළපත
ගඟුල – වතුර
ගඟුලැල්ල – දියඇල්ල
ගල් අරණ – ගල්ගුහාව, ගල්ගේ
ගල්කෙම – ගලන වතුර එකතුවෙන තැනක සැදී ඇති ස්වභාවික පොකුණ
ගිරිරාච්ච – ගින්දර
ඩිංගිය – කුඩා කඳුගැටය
මංකඩ – කුඩාපාර
බොල් පිණි – උදෑසන අහසින් වැටෙන පිනි
බෝගා - කමතේදී සුළඟ හඳුන්වන පදය
බිම්හිරි – අහස
බණ්ඩාර හඳ – කිරිබැබළෙන හඳ – පුරහඳ
පොහොන – මුඩුබිම
පොහොඟලාව - තණනිල්ල
පාඟුල – පහත් ප්‍රදේශය
වලාතුව - අහසේ දිස්වන වලාකුළු ප්‍රමාණය
වලාලය - සන්සුන් මුහුද
වාඩේතරුව - සිකුරු තරුව
වැහිගම්පල මුත්තා - වැසිදෙවියයෝ
කෝඩිමල – පළමුවරට පිපෙන මල
දියකඩමන්දිය – රළේ වේගය වැඩිතැන
දියකලත - වෙරළ
දෙබරාව - පහත් බිම
තුම්මුක්කුව - තුන් පැත්තකින් කැලයෙන් වටවූ හිස් බිම
කලිය – ඔයක හෝ ගඟක ගැඹුරු තැන
අරම – කැලෑව
කුරු කනත්ත – නිසරු බිම
කේලිය – විහිළුව

5 comments:

  1. බොහොම වැදගත් වැඩක්. මේව අන්තර්ජාලයට එකතු කලාම තව සෑහෙන්න දුර යයි.

    ReplyDelete
  2. හරිම වටිනවා ඔබතුමාගේ වෑයමට තුති පදන්නෙමි.

    ReplyDelete
  3. ස්තුති කරන්න වදන් මදි... මේ අඩවිය මෙවන් හරවත්ම දැ තුුළින් තව තවත් පෝෂණය කරන්නට ඔබට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  4. දේශකයා තමයි පාර පෙන්නුවේ.ගාමිණි අයියාට බොහොමත් ස්තූතියි මේ කරන මෙහෙයට.

    ReplyDelete
  5. ගාමීණි මහත්තය දාමු බ්ලොගර් ෆලෝවරේ.

    ReplyDelete