. උදය කාලය හැඳින්වීම සඳහා
මොනරාගල භාවිතා වන්නේ,
”ඇටි කුකුළා බුග්ගහන වෙලාව“ වශයෙනි. එය ම දකුණු පළාතේදී,
”කළු කපා එළිය”
යනුවෙන් ද එය ඇතැම් පළාත්වල
“කළුව“ යනුවෙන්ද,
“උන්දැ පාං කළුවෙන්ම ආවා” යනුවෙන්
ඇතැම් පළාත්වල ද ව්‍යවහාර වන අතර එය
“උදෑහන” යනුවෙන් බොහෝ පළාත්වල ව්‍යවහාර වේ.
මධ්‍යහ්නය හැඳින්වීමට ඇතැම් පළාත්වල විශේෂිත වූ ව්‍යවහාරයන් දක්නට ලැබේ. ඒ අතර
විශේෂයෙන් දකුණු පළාතේදී,
”හිටි පියවර”
යනුවෙන් හා ගිනි මද්දහනේ යන්න හරියට ම දවල් දොළහ හැඳින්වීමට ද යොදන වදනකි.
හැන්දෑවට ඉර බැහැගෙන යන වෙලාව බොහෝ විට හඳුන්වන්නේ
”රාස්සිගේ අව්ව වැටෙන වෙලාව“ යනුවෙනි. එමෙන් ම එය මොනරාගලදී, “ඉරගල වැටෙනවා”
යනුවෙන් හඳුන්වයි. තවත් බොහෝ පළාත්වල එය,
”ගොම්මන් වෙලාව“ වශයෙන් ද හඳුන්වයි.
රාත්‍රියේ පවතින දැඩි කළුවර “තිත්ත කළුවර හෝ ඇට්ට කළුවර” වෙයි. මේ අන්දමින් මැදියම
හැඳින්වීමට ද විවිධ පද භාවිතා වේ.
“දෙරූ මැද, දෙකට දෙමන්දන් වෙලාව“ යන්නෙන් මෙන් ම
“යක්කු ගස් යන වෙලාව“ වශයෙන් හඳුන්වන්නේ ද එයයි.
පුද්ගලයන් හැඳීන්වීම සඳහාත්, දිවි මගේ එක් එක් අවධිය හැඳින්වීම සඳහාත් යෙදෙන දේශීය
ව්‍යවහාරයන් වේ. කුඩා දැරියක් හැඳින්වීමට බොහෝ පළාත්වල
“කෙළී” යන්න යොදා ගනී. ආදි
වාසීන්ගේ බසට අනුව හොඳට ඇහැට කණට පෙනෙන යුවතියක් හඳුන්වන්නේ,
”කිරිලෝබ කැකුළිය” වශයෙනි.
දිගාමඩුල්ල පැත්තේ මේ සඳහා යොදන ව්‍යවහාරය වන්නේ,
”කෙළා” යනුවෙනි.
එමෙන්ම හුරුලුගම් වැට පලාතේ දී “කිඩැල්ල” යනුවෙන් ද භාවිතා වේ. දකුණු පළාතේ දී හොඳට
ඇහැට කණට පෙනෙන යුවතිය,
”ගිනි කිකිළිය” යනුවෙන්ද,
උඩරට පළාතේ දී ඇය,
”අංග පුලාව“ නමින් ද හඳුන්වයි.
කාන්තාව හැඳින්වීමට විවිධ ප්‍රාදේශික වචන මාලාවක් ඇත. එනම්,
“මායියා” යනුවෙන් ද
ග්‍රාමීය කාන්තාව හඳුන්වයි.
මොනරාගල ප්‍රදේශයේදී වයසක කාන්තාව හඳුන්වන්නේ “බූඩී” යනුවෙනි. ඒ පළාතේදී
“මේ බූඩියො
කොහෙද යන්නේ” යනුවෙන් ගෞරවාර්ථයෙන් භාවිතා වන ව්‍යවහාරයන් ය.
කෘෂිකාර්මික වදන් භාවිතයේදී දිගාමඩුලු පළාතේ අහස් දියෙන් වගා කරන කොටස,
“මුම්මාර”
නම් වේ. ගං හෝ වැව් දියෙන් වගා කරන කොටස
“මානාවර” නම් වේ. ප්‍රමාණයෙන් කුඩා කුඹුරු
“වගල කනටිය” නමින් හඳුන්වයි.
එමෙන්ම දකුණු පළාතේ දී හරකුන් නැතිව කුඹුරු හෑම හඳුන්වන්නේ
“පුරන් කෙටීම” ලෙසිනි.
උඩරට පළාතේදී එය
“බිං නැගුම” නමින් හඳුන්වයි. දිගාමඬුල්ල පළාතේ කුඹුරු හිමියාට
ලැබෙන අස්වනු කොටස
“මුත්තෙට්ටුව“ නම් වෙයි. මාතර, හම්බන්තොට පළාත් වල දී වැඩකරන අයට
දෙන අස්වැන්න හඳුන්වන්නේ
“වලහං දීම” යනුවෙනි.
පැරැණි කාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ හේන් ගොවිතැනයි. හේන් ගොවිතැන් කරන විට
කටු ආදියෙන් පරිස්සම් වීම සඳහා යොදන පාවහන් හුරුළුගම් වැට පළාතේ හඳුන්වන්නේ
“වාං
පතුල්” යනුවෙනි.
”ඔය හරියේ අන්දර කටු බොහෝම. මේ වං පතුල් දෙක දාගෙන පලයල්ලා” යනුවෙන් ඒ පළාතේ
ව්‍යවහාර වේ.
දකුණු පළාතේදී
“පිපිඤ්ඤා” යනුවෙන් හඳුන්වන එළවළු වර්ගය මොනරාගළ හා හම්බන්තොට වගා
බිම් වලදී හඳුන්වන්නේ
“තියඹරා” යනුවෙනි.
කෙසෙල් වගාවේදී ද විවිධාකාර වූ ප්‍රාදේශික ව්‍යවහාරයන් භාවිතා වේ. දිගාමඬුලු
ප්‍රදේශයේදී කෙහෙල් කැන් හඳුන්වන්නේ
“වතුකැට” ලෙසිනි. රොඩි රැහේදී කෙසෙල් කැන්
හඳුන්වන්නේ
“පබ්බුරුකැට” යනුවෙනි. කෙසෙල් කොළය ගින්නෙන් රත් කළ විට එය
“පන් කොළේ”
නම් වෙයි.
මුහුදුබඩ පළාත්වල ද එකී පළාත් වලට ම ආවේණික වන්නා වූ ප්‍රාදේශික ව්‍යවහාරයන් දක්නට
ලැබේ. එනම්,
මසුන් අල්ලන්නට නොයන කාලය
“වාරකන්” නම් වෙයි. කාලගුණය හැඳින්වීමට,
“ඉරක්කුව“
යනුවෙන් සුවිශේෂී වූ වදනක් භාවිතා වන අතර ම, මුහුදු ගමනේදී එහි ධීවර නායකයා
හඳුන්වන්නේ,
”මරක්කලාහේ” යනුවෙනි.
ප්‍රාදේශීය ව්‍යවහාරයන් යෙදෙන්නේ එබඳු වූ පොදු ව්‍යවහාරයන් සඳහා ම පමණක් නොවේ. එක ම
පදය සඳහා ප්‍රාදේශීය ව යෙදෙන විවිධ අර්ථ බොහොමයක් දක්නට ලැබේ.
උඩරට පළාතේ
“අම්මණ්ඩි” යන්න යෙදෙන්නේ “මාමාට ය.” එහෙත් එය දකුණු පළාතේ ව්‍යවහාර
වන්නේ සිය
“මෑණියන්ට ය.” එවිට ඒ විවිධාර්ථවත් බව සපුරා ම වෙනස් ස්වරූපයක් ගනී.
”තාන්තුව“ යන්නද එබඳු ම වූ වචනයකි. උඩරටදී තාන්තුව යනු
“සුබ මංගල්ල” යයි එහෙත් එය
පහතරට දී ඊට සපුරාම වෙනස් වූ අර්ථයකට හිමිකම් කියයි. එනම්
“විවිධ රෝග, දුක සංකාව,
කාන්සිය” වැනි දුක්ඛදායී තේරුමකට අදාළ වේ.
කේන්ති ආ විට උඩරටදී භාවිතා වන්නේ
“අඩේ, අඩා, පන්නඩේ” යනුවෙන් ය. එය දකුණු පළාතේදී
“තරහ ගියා” යනුවෙන් භාවිතා වේ.
උඩරටදී කුමක් හෝ
“කියෙව්වා” යනුවෙන් භාවිතා වන විට එය ම පහතරටදී
“කීවා” යනුවෙන්
භාවිතා වේ.
ධ්වනිය මතුකරන ආකාරයෙන් එසේත් නැතිනම් උච්චාරණ ශෛලියෙන්ද ප්‍රදේශීය ව්‍යවහාර
විවිධාකාර වේ.
දකුණු පළාතේදී ප්‍රශ්නයක් ඇසීමට,
”මක්කටෙයි”, “අර මක්කටෙයි” යනාදී වශයෙන් ව්‍යවහාර වේ.
කතාබහ කිරීමේදී,
”මක්කටෙයි හිටපු තැනට ආපහු යන්නේ” යනුවෙන් ප්‍රශ්න කරනු දකුණු පළාතේ දැකිය හැකි ය.
සමහර පළාත්වල
“මොකෝ” යනුවෙන් ව්‍යවහාර වේ.
අම්පාර, බිබිල වැනි ප්‍රදේශ වල
“ද” යෙදෙන්නේ බොහෝ අඩුවෙනි. ඔවුන්,
”නෑවා”, “කෑවා”, “බීවා” යනුවෙන් ප්‍රශ්නාර්ථ නගයි. දකුණු පළාතේ දී එය ම,
”නෑවද?”, “කෑවද?”, “බීවද?” යනුවෙන්
“ද” යොදා ප්‍රශ්නය ගොඩනඟයි.
බස්නාහිර පළාතේ දී පොල් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී,
”පොල් ලෙලිගැහුවද?” යනුවෙන් ප්‍රශ්න කළද, දකුණු පළාතේදී එය,
“පොල් ඔයනවද?” යනුවෙන්
ව්‍යවහාර වේ.
එමෙන් ම මධ්‍යම පළාතේදී “ඇන්න” යනුවෙන් ව්‍යවහාර වන පදය ම බස්නාහිර හා දකුණු
පළාතේදී “අරන්” යනුවෙන් ව්‍යවහාර වේ.
බස්නාහිර පළාතේදී ගෙදර පොඩි ම සාමාජිකයා හැඳින්වීමට
“පුංචි” යනුවෙන් ව්‍යවහාර වේ.
එය ම මධ්‍යම පළාතේදී
“පිංචි” යනුවෙන්ද දකුණු පළාතේදී එයම,
“හින්නි” යනුවෙන් ද
ව්‍යවහාර වේ.
දකුණු පළාතේ දී,
“හින්නි හාමිනේ කොයිබ යන්නේ” යනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමක් දැකිය
හැකි ය.
මධ්‍යම පළාතේදී කුමක් හෝ දෙයක් කිරීමට ඇති හැකියාව,
”පුළුවනි”
යනුවෙන් ව්‍යවහාර වුවද දකුණු පළාතේදී එය ම,
”ඇහැකි”
යනුවෙන් ව්‍යවහාර වේ.
උතුරු මැද, මොනරාගල වැනි ප්‍රදේශ වල බස්නාහිර, මධ්‍යම, දකුණු යන ප්‍රදේශ වලට වඩා
වෙනස් වූ ව්‍යවහාර යොදාගන්නා බව,
”අඹනවා”
වැනි ව්‍යවහාර වලින් ප්‍රත්‍යක්‍ෂ වේ. බස්නාහිර, දකුණු, මධ්‍යම පළාත්වල “අඹනවා”
යන්නෙන් අදහස් කරන්නේ පිළිමයක් වැනි දෙයක් නිර්මාණය කළ හැකි වීම වුවද මොනරාගල,
උතුරු මැද වැනි ප්‍රදේශවල ඉන් අදහස් කෙරෙනුයේ සතකු පළවා හැරීම ය.
”සකලයො අඹනවා”
යනුවෙන් කුරුල්ලන් එලවනවා යන්න අදහස් වේ.
එපමණක් නොවේ,
එක ම භාෂා සමාජය තුළ පවතින මේ විවිධතාවය ශබ්දමය, ව්‍යාකරණමය හෝ වචන කෝෂයම විය
හැකිය.
ශබ්දමය විෂමතාවය සැලකිල්ලට ගැනීමේදී ඉතා පැහැදිලි ව දිස්වන වෙනස්කම් කිහිපයක්
විද්‍යමාන වේ. එනම්,
බස්නාහිර පළාතේදී
“ගන්ඩ” යනුවෙන් උච්චාරණය වන වචනය මධ්‍යම පළාතේදී
“ගන්ට” යනුවෙන්ද
දකුණු පළාතේදී
“ගන්න” යනුවෙන්ද ව්‍යවහාර වනු දැකිය හැකි ය.
ශබ්ද විෂමතාවයේදී ව්‍යාකරණමය විවිධතාවද අප සැලකිල්ලට ලක්වන තවත් අංශයකි.
මධ්‍යම පළාතේදී පියාට ව්‍යවහාර වන්නේ
“අප්පච්චී” යනුවෙන් වුවද පහතරට දී එය “තාත්තා”
යනුවෙන් ව්‍යවහාර වේ. එමෙන්ම මධ්‍යම පළාතේ දී
“මොනවා” යනුවෙන් ව්‍යවහාරික වචනය
පහතරටදී
“මක්කැයි” යනුවෙන් විවිධාණුකරණය වේ. එමෙන්ම මධ්‍යම පළාතේ දී
“කථා කරනවා”
යනුවෙන් ව්‍යවහාර වන වචනය පහතරටදී “දොඩනවා” යනුවෙන් ව්‍යවහාර වේ.
එකම භාෂාවකට අයත් භාෂා සංස්ථිතිය තුළ දක්නට ලැබෙන විශේෂතා ප්‍රධාන වශයෙන් තෙආකාර ය.
එනම්,
1. ප්‍රදේශික උපභාෂා
2. සාමාජික උපභාෂා
3. ප්‍රස්තාවික උපභාෂා වශයෙනි.
කුලය, ධනය, බලය, පන්තිය යනාදී විවිධ සාමාජීය හේතු සාධක මත එක ම මානව වර්ගයා කැඩී
බිඳී පොදු සමාජයෙන් වෙන්වී ජීවත්වන බැවින් ඔවුන් ව්‍යවහාර කරන භාෂාවද පොදු සමාජීය
භාෂාවට වඩා වෙනස් වේ.
උදා:- රොඩි බස හා වැදි බස
ලක්දිව නැගෙනහිර වනගත පෙදෙස්වල අදත් සුළු වශයෙන් ජීවත්වන වැද්දන්ගේ භාෂාව උපභාෂාවක්
වශයෙන් හැඳින්වීම යෝග්‍ය නොවන බව සුගතපාල ද සිල්වා මහතාගේ අදහසයි.
වැද්දන්ගේ වැදි භාෂාව පොදු භාෂාවෙන් වෙන්කොට හඳුනාගත හැකිවන නිසාත් පොදු භාෂාවට වඩා
වෙනස් ව ව්‍යවහාර වන නිසාත් එය සාමාජික උපභාෂාවක් වශයෙන් හැඳින්වීම වරදක් නොවේ.
වැදි බසේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ අප්‍රාණවාචී නාමපද වලට
“පොජ්ජ” යන්නත් ප්‍රාණවාචී
නාමපද වලට පරව
“ලෑත්තෝ” යන්නත් යොදා ගැනීමයි.
උදාහරණ:-
”තලා වරිග පොජ්ජ තනා දමාලා තියෙන්නේ. ඒ කිරි අම්මලෑත්තෝ කැලෑ ජෝජ්ජේ මංගච්චන
කාලපොජ්ජෙදිං ඒ කිරි අම්මලෑත්තන්ගේ බඩපොජ්ජේ කැකුළෙක් ඉඳුතිබාලා තියෙනවා”
එහෙත් රොඩි ජනයා සාමාන්‍යයෙන් සිංහල ව්‍යවහාර කරන අතර වෙනත් කුලීන පිරිස් සිටින විට
රහසිගත ව අන්‍යයන්ට වටහාගත නොහැකි ව්‍යවහාරයන් ද යොදා ගනිති.
උදාහරණ :-
”මේ පෑල්ල අතු පොඩ්ඩෙයි යැප්පුවෙ මහ ලෝපෑල්ල”
(මේ ගෑනි වී පොඩ්ඩයි දුන්නේ, මහ ලෝබ ගෑනි)
ඒ අවස්ථාවට ඒ කාර්යයට ඒ ස්ථානයට පමණක් සීමා වූ එක්තරා පරිසරයකට පමණක් අර්ථාන්විත වූ
භාෂා ව්‍යවහාර
“පරිමිත භාෂා” ලෙසින් හැඳින්විය හැකි ය. පරිමිත භාෂා ව්‍යවහාරයේ
යෙදෙන වදන් පොදු ව්‍යවහාරයේදී වෙනත් අර්ථ ප්‍රකාශ කිරීම සඳහා යොදා ගැනේ.
පරිමිත ව්‍යවහාරයේ කමත් භාෂාවේදී
“යතුර” යන වදන යොදාගන්නේ
“කුල්ල” හැඳින්වීම සඳහා
වුවද පොදු ව්‍යවහාරයේදී ඒ වදන යොදාගන්නේ
“දොර ඇරීම හා වැසීම සඳහා ය.” පරිමිත
ව්‍යවහාරයේ
“කොට උඩ යනවා” යනු
“වාහනයක් කොට උඩ තැබීම” වුවද පොදු ව්‍යවහාරයේදී කොට
උඩ යනවා යනු
“පිරිහීමට පත්වීමයි”. එමෙන් ම පරිමිත ව්‍යවහාරයේ
“මුදුනා” යන්නෙන්
ගොයම් කොළ මැඩීමේදී
“හරකුන්” හැඳින්වීම සඳහා යොදා ගත්තද ඒ වදන ම පොදු ව්‍යවහාරයේ
යෙදෙන්නේ “උඹ ඉතින් කොහෙත් මුදුනා වෙන්න හදනවනේ”
මෙහි
“මුදුනා” යන්න සතකු හැඳින්වීම සඳහා යොදාගත්තක් නොව ඕනෑ ම කටයුත්තකදී ඉදිරියට
පැන එකී කටයුත්ත සිදුකරන්නකු පිළිබඳ ව දැක්වීමට යොදාගත්තකි.
මේ අනුව පැහැදිලි වන්නේ පරිමිත භාෂා ස්වරූප පොදු භාෂාවටත් පොදු භාෂාවේ ව්‍යවහාර
පරිමිත භාෂාවටත් යොදාගන්නා ආකාරයයි. මේ පිළිබඳව
“රසවාහිනී” සඟරාවේ සඳහන් වූයේ,
”වචනයක අර්ථය පිට මිනිස්සුන්ට පැහැදිලි වන්නේ වචනය භාවිතාකරන මිනිසාගේ හිත ඇතුලේ
තිබෙන හැඟීමක් උඩවත් වචනයේ ගැබ්වූ අදහසක් උඩවත් නොව ඒ වචනය යොදන ලද පරිසරයත් වචනය
ගැබ්කරන ලද සංඝට්ටනවත් උඩ බව වටහා ගැනීම...”
(රසවාහිනී සඟරාව - 68 පිටුව)
සිරකරුවන්ගේ භාෂා ව්‍යවහාරයද භාෂාවක අනන්‍යතාවය විදහා දක්වන්නකි. එය නිදහස,
ස්වාධීනත්වය, ස්වඡන්දතාවය අහිමි ව නිරතුරු ව පාලකයන්ගේ රැවුම්, ගෙරවුම්, තාඩන, පීඩන
වලට ලක් ව අසරණ තත්ත්වයෙන් දිවිගෙවන ඔවුන්ගේ කායික, මානසික පීඩනය හෙළි කරන්නේ
භාෂාවයි. ඔවුන්ගේ මනස හෙළිකරන කැඩපත භාෂාවයි.
උදාහරණ :-
”තොපි වගේ පිංපි වැඩ කරලා නෙවෙයි ඩො, අපි ඇවිල්ලා තියෙන්නේ. හොඳ, හොඳ රොබරි දීලා”
සිරගෙය තුළ
“පිංපි වැඩ” යනු සුළු අපරාධයි. එනම් මත්පැන්, සුළු හොරකම් වැනි දේ
තුළින් සිරයට නියම වූවන් ය. මේ වදන් භාවිතය සිරගෙයින් පිට පුද්ගලයකුට වටහාගැනීම
තරමක් අසීරු ය.
ධීවර කර්මාන්තය ආශි‍්‍රතව ද විෂමතානුකූල භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබේ. ඔවුන්ගේ ම
ජීවන වෘත්තිය අරමුණු කොට ගත්තා වූද ඔවුන්ට ම ආවේණික වූද ඒ භාෂා ව්‍යවහාරය ඔවුන්ගේ
වෘත්තීය අනන්‍යතාවය හෙළිකරන්නකි.
”දියඹ, මෝය, මාරියාව“
මේ වදන් අප සවනත ගැටෙත් ම අපට ඒ සංස්කෘතිය හඳුනාගැනීමේ හැකියාව ලැබෙන්නේ එකී භාෂා
අනන්‍යතාවය නිසාවෙනි.
මෙකී භාෂා විවිධත්වය වඩාත් ඉස්මතු වී පෙනෙන සුවිශේෂීතම උපසංස්කෘතියක ආභාසය පිළිබඳව
ද සඳහන් කළ යුතුමය. එනම් විශ්ව විද්‍යාලයීය උප සංස්කෘතිය තුළ පවත්නා වූ භාෂා
ව්‍යවහාරයයි. සරසවි භූමියට සුවිශේෂී බසක් බිහිවීමට බලපාන තවත් හේතුවක් වන්නේ විවිධ
සමාජ ක්‍ෂේත්‍ර නියෝජනය කරන ශිෂ්‍යයන් විවිධ පෙදෙස් වලින් පැමිණීමයි.
සරසවියට ම ආවේණික වූ සුවිශේෂී භාෂාවක් පැවැතීමෙන් අපේක්‍ෂිත තවත් වැදගත් අරමුණක්
වනුයේ සමාජශීලීකරණයයි. වසරින් වසර විශ්ව විද්‍යාල ප්‍රජාව වෙත නවකයන් එකතු වේ. ඒ
නවකයන් ද සරසවි ප්‍රජාවේ සාමූහික පෞර්ෂත්වයට ගැලැපෙන පරිදි සමාජශීලීකරණය කළ යුතු
වේ. නවකයෝ සරසවි භූමියට ඇතුළුවීමට පෙර විවිධාකාර සංස්කෘතික සන්දර්භයන් යටතේ වර්ධනය
වූ විවිධ පෞරුෂය ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඉන් සමහරෙක් ඉහළ මධ්‍යම පන්තියට ද,
තවත් සමහරෙක් පහළ මධ්‍යම පන්තියට ද, බොහෝ දෙනෙක් කම්කරු පන්තියටද ඇතුළු වූවෝ වෙති.
එකී විවිධාකාර වූ සමාජ මට්ටම්හි ආභාසය ලබා ඒවායේ සාමාජීය හරයන්ගෙන් මෙතෙක් කල්
පෝෂණය වූ බැවින් ඒ විවිධාකාරවූ නවකයන් පොදු හා එකට අනුකලනය වූ විශ්ව විද්‍යාල
ශිෂ්‍යයන්ගේ් සංස්කෘතියට ඇතුළු කරනු සඳහා සමාජශීලීකරණය කිරීම සිදුකෙරේ. මේ කාර්යය
කිරීමට භූමිය තුළ ව්‍යවහාර කරන භාෂාව විශේෂයෙන් ම හේතු වේ.
සරසවියට ප්‍රථමයෙන් පා ඔසවන නවකයන් මාස තුනක් පමණ යනතෙක් හඳුන්වන්නේ,
”ෆෙෂා, ෆෙෂී” වශයෙනි. එය නවකවදය කාලපරිච්ඡේදයේ දී,
”ඒයි ෆෙෂා, මෙහෙවර” යනාදී වශයෙන් ව්‍යවහාර වේ.
සරසවි භූමියට අලුතින් පියමනින නවකයා වරායට සේන්දු වූ නැවක් වැනි ය. මෙනිසා අලුත්
නැව පිළිගැනීමට ජ්‍යෙෂ්ඨයෝ පුල පුලා බලා සිටිති. නැවෙන් මෙන්ම සරසවි භූමියට
බෝට්ටුවෙන්ද පැමිණිය හැකි ය.
පළමු ව ඉහළ ලකුණු ලබා පැමිණෙන පිරිස නැවෙන් ආ අය ලෙසත් අඩු ලකුණු ලබා පැමිණි අය
බෝට්ටුවෙන් පැමිණි අය ලෙසත් සැලැකේ.
නවක වදය කාලසීමාවේදී
“ෆෙෂා” ලට ඉංගී‍්‍රසියෙන් කතා කිරීම තහනම් ය. ඔවුන් තමන්
හඳුන්වා දෙන්නේද, සුබ පැතිය යුතු වන්නේද සම්පූර්ණයෙන් ම සිංහලෙන් ය. ඉංගී‍්‍රසි
භාෂාව පහත් කොට සැලැකීම මෙමඟින් අපේක්‍ෂා නොකරන මුත් එයට සරසවි අතීතයේ සුවිශේෂී
ස්ථානයක් හිමි ය.
අතීතයේදී සරසවිය පැවතියේ අතලොස්සක් වූ ධනපති පන්තියේ ඉංගී‍්‍රසි
බස මාධ්‍යය කොටගත් ලොකු ලොක්කන්ගේ දූ පුතුන් සඳහා පමණි. නිදහස් අධ්‍යාපනයේ මහඟුතම
ප්‍රතිඵලයක් වශයෙන් සරසවිය ගොවි කම්කරු ආදී පහළ පන්තියේ දූ දරුවන්ට ද විවෘත විය.
එහි ප්‍රතිඵලයක් ලෙසින් සරසවියට ප්‍රථමයෙන් පා නගන නවකයා මූලික ව සිංහල භාවිතා කළ
යුතු විය.
නවකයන්
“කුණු ෆෙෂා” යනුවෙන් හඳුන්වන අතර ම, නවකයා විසින් ජ්‍යෙෂ්ඨයා හැඳින්විය
යුත්තේ “ජ්‍යෙෂ්ඨ උත්තමිය, ජ්‍යෙෂ්ඨ උත්තමයා” ආදී ලෙසින් ගෞරවාර්ථ බවිනි.
නවක වදයට ලක්වන “කුණු ෆෙෂා” ලාගේ බාහිර ස්වරූපය අනුව හා ක්‍රියාකාරකම් අනුව අලුත්
නමක් ජ්‍යෙෂ්ඨයන් විසින් ම පිරිනැමීම සුවිශේෂී ලක්‍ෂණයකි. සරසවියේදී “උසින් වැඩි
පුද්ගලයා”
”පලංචියාය” උසින් අඩු ම කෙනා
“කොටා, කොට ජීවිතේ” ලෙසින් හඳුන්වයි.
කකුල් කොට පුද්ගලයා
“කාලගෝලයා” ය. නිතර ම කඩියකු මෙන් දුව පැන ඇවිදින පුද්ගලයා
“කඩියා” ය. කලබලයෙන් කටයුතු කරන්නා “කුලප්පුවා” ය.
අපිරිසිදුවට කිසිදු පිළිවෙළක් නැති ව ඇඳුම් අඳින්නා,
”හඩ්ඩා” ලෙසින් හඳුන්වයි.
මෙම නව නවකවදය ලබාගන්නා කාලයේදී
“නම” වශයෙන්ද සරසවි කාලය තුළදී
“කාඩ් එක” වශයෙන්ද
භාවිතා වේ’
තමන් අයත් පීඨය කඩයක් වශයෙන් නම් කිරීමද සරසවියේ දක්නට ලැබෙන අනන්‍යතාවයකි.
විශ්ව විද්‍යාලයීය භාෂා ව්‍යවහාරය පොදු ව්‍යවහාරය
01. පත්තර කඩේ, පින්තූර කඩේ
අති උතුම් ලලිතකලා පීඨය. කලා පීඨය
02. මඩ කඩේ කෘෂි විද්‍යා පීඨය
03. මස් කඩේ වෛද්‍ය පීඨය
04. බලුමස් කඩේ පශුවෛද්‍ය පීඨය
05. කම්මල් කඩේ ඉංජිනේරු පීඨය
06. දත් කඩේ දන්ත වෛද්‍ය පීඨය
07. බයිසිකල්/ෆයිසිකල් කඩේ විද්‍යා පීඨය
ආදී වශයෙනි. මේ ව්‍යවහාරයන් සරසවි භාෂාවට එකතු වී ඇත්තේ ඒ ඒ පීඨයන්ට අයත් වන්නා වූ
කාර්යයන්ට අනුකූල ව ය.
ආදරය, ප්‍රේමය වැනි මාතෘකා සරසවි භූමියට ආගන්තුක වූවක් නොවේ. තරුණ, තරුණියන්ට
නිදහසේ ආදරය කිරීම උදෙසා සරසවි භූමියන්හි සුවිශේෂී වූ ස්ථානයක් ඇත. කැලණිය,
ජයවර්ධනපුර, කොළඹ වැනි සරසවීන්හි මෙම පුරවරය හඳුන්වන්නේ,
”සයිබීරියාව“ නමිනි.
එය සාමාන්‍ය ව්‍යවහාරයේදී
”සහෝදරයා ඊයේ කරත්තෙ සයිබෙ පැත්තට දක්කනවා අපි දැක්කා”
යනුවෙන් භාවිතා වනු දැකිය හැකි ය. විශ්ව විද්‍යාල භූමිය තුළ මෙම වාගාලාපය අමුතු
වෙසක් නොගනී. පේරාදෙණිය සරසවියේදී මේ භූමිය හැඳින්වෙන්නේ,
”Lover’s lane” වශයෙනි. මෙය කිසිවිටකත් “ආදර මාවත” යනුවෙන් ව්‍යවහාර නොකරන අතර
ඉංගී‍්‍රසි ව්‍යවහාර ඒ අයුරින් ම භාවිතා වීම සුවිශේෂී ලක්‍ෂණයකි.
තරුණියක් හා තරුණයෙක් ඔවුනොවුන්ට කැමැති වීම සරසවි ව්‍යවහාරයේ
“හිච්” වීම යනුවෙන්
හඳුන්වයි. හිච් වීමෙන් පසුව මොවුන් හඳුන්වන්නේ,
”හිච් කපල් එක”
ලෙසිනි. හිච් වීමෙන් පසු ව නානුමුර මංගල්‍යයක් පවත්වයි. මේ නානුමුර මංගල්‍යය
හඳුන්වන්නේ,
”ලව් බකට්”
වශයෙනි. තරුණියක් සමඟ “හිච්” වූ තරුණයෙක් කුමන හේතුවක් මත හෝ ඉවත් වුවහොත් තරුණියට
සිදුවන්නේ,
”ඇනගැනීමට” ය.
එය සාමාන්‍ය ව්‍යවහාරයේදී සරසවියේ භාවිතා වෙන්නේ,
”හා උඹ උගෙන් ඇනගත්තා නේද?”
වශයෙනි. තරුණියකගේ සිත දිනාගැනීමට නොහැකි වූ විට සරසවියේ භාවිතා වවන සිද්ධාන්තයන්
කිහිපයකි.
”වර්ණපාලගේ තියරිය, වලිසිංහගේ තියරිය” යනාදී වශයෙනි.
පෙම්වතුන්ගේ විවිධ දේට බාධා පැමිණවීම,
”උදැල්ලක් දැමීම, බාල්දියක් පෙරළීම”
වශයෙන් හඳුන්වයි. එය විශාල බාධාවක් නම්,
”කිඹුලා උදැල්ල, කුණු බාල්දිය” වශයෙන් භාවිතා වේ. එමෙන් ම නින්දා අපහාස හැඳින්වීම
සඳහා යොදන්නේ,
”මඩ ගැසීම” යන වාගාලාපයයි.
තරුණ තරුණියන් හිච් වීමේදී බාහිර රූපලාවන්‍යයට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
තරමක් ලස්සන යුවතියක් සඳහා,
”ටොයියා”
වශයෙන් ද වඩාත් ලස්සන යුවතියක් සඳහා,
”කිරි ටොයියා”
වශයෙන් ද භාවිතා වේ.
සරසවි භූමියේදී නේවාසික සිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද සුවිශේෂී වූ ව්‍යවහාරයන්
භාවිතා වේ. නේවාසික පහසුකම් නොලබන සිසුන් අනෙක් සිසුන් සමඟ සුහද ව ඒ ස්ථානයේ රැඳීම,
”ගජේ ගහනවා” යනුවෙන් ව්‍යවහාර වේ.
සරසවියේදී සිය පෙම්වතාට හෝ පෙම්වතියට දුරකථන ඇමතුමක් ලබාදීම,
”කම්බි සොමිය” වශයෙන් හැඳින්වේ,
පුද්ගලයන්ගේ විවිධ බාහිර ස්වරූපයන් අනුවද ඔවුන්ට කාඩ් ගසයි.
”කොමාන්ඩෝ” යනු හමුදා සෙබළකු සේ ඇවිදින්නා ය.
“තගා” යනු නිතර ම වලියට බර තැනැත්තා
ය.
“හඩ්ඩා” යනු ගඳ ගහන තැනැත්තා ය.
“කිලුට්ටා” යනු අපිරිසිඳුවට අඳින්නා ය.
“පරක්කුවා” යනුවෙන් හඳුන්වන්නේ කොයිදේටත් පරක්කු වී එන්නා ය. නිතර ම අලස ගතියෙන්
සිටින්නී
“මැලිවිච්චි” ලෙසින් හඳුන්වයි.
උස නැති මහත තැනැත්තිය
“බට්ටී” නමින් හඳුන්වයි.
“ඇටකිච්චි” යනු කෙට්ටු තැනැත්තියයි.
දත් ඉදිරියට නෙරා ඇති තැනැත්තිය
“හිරමනේ” නමින් ද නිතර ම කෝමල ගතියෙන් යුක්
තැනැත්තිය
“කොමලී” ලෙසින් ද නම් කෙරේ.
මෙවැනි පුද්ගල නාම නිරන්තරයෙන් ම පටබැඳී ඇත්තේ ඒ ශිෂ්‍යයාගේ අභ්‍යන්තර හා බටහිර
ගතිලක්‍ෂණ මැනවින් නිරීක්‍ෂණය කිරීමෙනි.
සරසවිය නම් වූ සුවිශේෂීතම උප සංස්කෘතියේ භාවිතා වන ව්‍යවහාරික අනන්‍යතාව එයින් පිට
කිසිවකුට හඳුනා ගත නොහැකි ය. එයින් සැලසෙන්නා වූ මෙහෙය වඩාත් සුවිශේෂී වන අවස්ථාවන්
සරසවි භූමිය තුළ නිරතුරු ව දක්නට ලැබේ.
භාෂාව වූ කලී අපූර්වතම නිර්මාණයකි. එහි නිර්මාණාත්මක භාවිතය තුළින් වඩාත් උසස්
රසාලිප්ත සාහිත්‍යය නිර්මාණයක් බිහිකරගත හැකි ය. එහෙත්, මට හැඟෙන පරිදි භාෂාවේ
අපූර්වතම ස්වරූපය නිරූපණය වන්නේ ඒ තුළින් නොවේ. ප්‍රාදේශීය ව්‍යවහාරයන් තුළින් ද
මතු වී පෙනෙන්නේ භාෂාවේ විවිධාකාර වූ විස්මිත ස්වරූපයයි.
විවිධ පළාත් අනුව
සැලැකීමේදී අප භාෂාව කෙතරම් වෙනසකට භාවිතා වන්නේද යත් එය විවිධාකාර භාෂාවන්හි
එකතුවක් සදිසි ය. එපමණක් නොවේ. විවිධ ජනකොටස් වලට අනන්‍යය වූ භාෂා විවිධත්වයක් මෙන්
ම, ජීවන වෘත්තීන්ට අනන්‍යය වූ භාෂා ව්‍යවහාරයක්ද අපට දැකගත හැකි ය.